Gossips

උද්ධමනය ඉහළට

පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 0.9කින් ඉහළ ගොස් තිබෙනවා.
ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය මාසයේ එය සියයට 1.0ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.