Gossips

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ (කැබිනට් නොවන) අමාත්‍යවරයා ලෙසටත් , අජිත් පී පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන) අමාත්‍යවරයා ලෙසටත් දිවුරුම් දුන්නා.
ජේ.සී අලවතුවල – ස්වදේශ කටයුතු සහ පළාත් සභා, රන්ජන් රාමනායක – මහා මාර්ග සහ මාර්ග සංවර්ධන, විජයකලා මහේෂ්වරන් – අධ්‍යාපන සහ ඉරාන් වික්‍රමරත්න – මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
බුද්ධික පතිරණ කර්මාන්ත සහ වාණිජ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසට ද නලින් බණ්ඩාර සංවර්ධන උපාය මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසට ද දිවුරුම් දුන්නා.
රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට සහ සුජීව සේනසිංහ – විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ (කැබිනට් නොවන) අමාත්‍යවරයෙක් ලෙසට ද දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර නිරෝෂන් පෙරේරා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථක කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙසට සහ අලී සහීර් මවුලානා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
චම්පිකා ප්‍රේමදාස දිවුරුම් දෙනු ලැබුවේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටයි.
ඒ අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් තුන්දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙකු අද දිවුරුම් දී තිබෙනවා.