Gossips

සුපිරි නළු සල්මන් ඛාන් සහ පොප් ගායක එකොන් තායිලන්තයේදී ගත් සෙල්ෆිය අන්තර්ජාලය කළඹයි

බොලිවුඩයේ සුපිරි නළුවකු සහ බටහිර සුපිරි පොප් ගායකයකු පසුගියදා තායිලන්තයේ Phuket නගරයේදී මුණ ගැසුණා.
ඒ දෙදෙනා තමයි, සල්මන් ඛාන් සහ එකෝන්.
මේ අය තායිලන්තයට ගියේ දැවැන්ත මංගල උලෙළක ගී ගයන්න සහ රඟන්නට බවයි වාර්තාවන්නේ.
සල්මන් සහ එකෝන් සමඟ මනීෂ් පෝල් සහ ඩේසි ශා දෙදෙනාත් මේ උලෙළට එක්වී සිටි බව සඳහන්.
ප්‍රසංගය නිම වී ඔවුන් සියලු දෙනාම ආපසු තම තමන්ගේ රටවල් බලා පිටත්ව ගියේ පෞද්ගලික ජෙට් යානයකින් බවයි පැවසෙන්නේ.
ගුවන් ‍ගමනට පෙර සියලු දෙනාම එකට සිටිමින් ගත්ත සෙල්ෆි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
පසුව එම ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ පැතිරීමත් සමග දැඩි ලෙස කතාබහට ලක්වී තිබෙනවා.