Gossips

හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි 05වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයා මාතලෙන්

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් "හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි" වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි තිළිණ කිරීම පසුගියදා ඇරඹුණා.
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් 05වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ මාතලේ ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් අත්තනායකයි.
හිරු අසන්නන් අතුරින් ඊට අදාළ ජයග්‍රාහකයා උදෑසන 7ත් පස්වරු 7ත් අතර විකාශය කෙරෙන ගුවන් විදුලි වැඩසටහන් අතරතුරදී තෝරා ගනු ලබනවා.