Gossips

චීන හැකර්වරුන්ට එරෙහිව ඇමරිකාව නඩු පවරයි

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් 12 ක වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිස තොරතුරු සොරා ගත් බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චීන හැකර්වරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඇමරිකානු බලධාරින් ප්‍රකාශ කළේ චීනයේ ආර්ථික ආක්‍රමණය හමුවේ සයිබර් අවකාශයේ අපරාධ වැළැක්වීමට ජනාධිපති ෂී ජින්පින් ලබාදුන් පොරොන්දුව ඉටු කර නොමැති බවයි.
චීන හැකර්වරුන් ඇමරිකානු නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය, නාවික හමුදාව, බලශක්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිස පෞද්ගලික දත්ත ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කළේ.