Gossips

ශ්‍රී ලංකාව ගැන ජගත් මහලේකම්ගේ ප්‍රසාදය

මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙස ව්‍යවස්ථානුකූළව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රසාදය පළ කර තිබෙනවා.
නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහුගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළේ එම ක්‍රියාවලියේදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අචල අන්දමින් කටයුතු කර ඇති බවයි.
සියලුම දේශපාලන අංශ මෙම තත්ත්වය උපයෝගි කරගෙන පවතින දේශපාලන විෂමතාවන් තුරන් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි මහලේකම්වරයා විශ්වාසය පළ කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් විසඳාගතයුතු බවයි ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.