Gossips

ශ්‍රී ලංකාව සමඟ දෙවන ටෙස්ට් තරඟයේදී සිදුවන වෙනසක් ගැන නවසීලන්ත නායකයා හෙළිකරයි

ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් සකස් වනු ඇතැයි නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා.
විශේෂයෙන් පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිලේ හතර වැනි කඩුල්ලට දීර්ඝ සබඳතාවක් ඇතිවීම පිළිබඳවයි නවසීලන්තයේ අවධානය යොමුවී ඇත්තේ.
මේ අතර, පළමු ටෙස්ට් තරඟයේදී දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගෙන් ලැබුණු ඔවදන් විශේෂයෙන් වැදගත් වූ බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
එම තරඟයේදී ඔහු නොදැවී ලකුණු 120 ක් රැස් කළ අතර, නොදැවී ලකුණු 141 ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් සමඟ නොදැවුණු 4 වන කඩුල්ලට ලකුණු 274 ක් රැස් කළා.