Gossips

තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ – අතුරු සම්මත ගිණුමත් පාර්ලිමේන්තුවට

සුපර් ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි මේ බව සඳහන් කළේ.
මේ අතර, කැබිනට් අනුමැතිය හිමි වු නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
රුපියල් බිලියන 1765 ක එම අතුරු සම්මත ගිණුම ලබන වසරේ පළමු මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා.