Gossips

ඩ්‍රෝන් යානයක් නිසා ලන්ඩන් – ගැට්වික් ගුවන්තොටුපල අක්‍රිය වෙයි

ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල ආසන්න ගුවනේ සැරිසරන ඩ්‍රෝන් යානයක් නිසා, එම ගුවන්තොටුපලේ කටයුතු පැය 24 කට වැඩි කාලයක් අක්‍රිය වී තිබෙනවා.
මේ නිසා ගුවන් ගමන් 760 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ගුවන් මගීන් එක්ලක්ෂ දස දහසකට අධික පිරිසකට එය බලපා ඇති බව සදහන්.
ගුවන්තොටුපල පිහිටි සසෙක්ස් ප්‍රාන්ත පොලීසිය ඩ්‍රෝන් යානය බිම හෙලීම සදහා යුද හමුදාව ද කැදවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ නමුත් එය වෙඩි තබා බිම හෙලනු ඇත්තේ අවසන් විකල්පයක් වශයෙන් පමණක් බව ලන්ඩන් පොලීසිය සදහන් කළා.
මෙය ත්‍රස්තවාදය සම්බන්ධ සිද්ධියක් ලෙස මෙතෙක් සැලකිය නොහැකි බව ද එමගින් අවධාරණය කර තිබෙනවා.