අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම් අනුව ඉන්දිය නායක විරාට් කෝලි තවදුරටත් ප්‍රථම ස්ථානයේ රැදි සිටිනවා.
මේ වනවිට එක්දින පිතිකරු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද විරාට් කෝලියි.
පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව නිමාවට පත් වු දෙවන ටෙස්ට් තරගයේදි ඔහු සිය 25 වන ටෙස්ට් ශතකය වාර්තා කල අතර එය ඕස්ට්‍රේලියාවේදී ඔහු රැස්කල 07 වන ටෙස්ට් ශතයක විමද විශේෂත්වයක්.
මීට පෙර ටෙස්ට් ශතක 06ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවේදි වැඩිම ටෙස්ට් ශතක ලබා ගත් පිතිකරු ලෙස ඉන්දිය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ඉදිරියෙන් පසු වුණා.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේදි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 සම්පුර්ණ කිරිමේ වාර්තාවටද ඉන්දිය නායක විරාට් කෝලි හිමිකම් සමත් වී තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්හිි පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුුවන්්නේ් නවසිලන්තයේ් කේ්න් විලිියම්සන්.
දිමුත් කරුණාරත්න අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ 7 වන ස්ථානයේ හිමිකර ගෙන සිටින අතර, දිනේෂ් චන්දිමාල්ට හිමිවී ඇත්තේ 13 වන ස්ථානයයි.