Gossips

සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පසුගිය 16 වනදා ගොඩකවෙල නගරයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි.
මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අද ගොඩකවෙල පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.