Gossips

විශේෂ වැටලීමකදී හෙරොයින් සහ ගිනි අවියක් ළඟ තබා ගත් 3ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය දෙහිවල සහ අගුලාන යන ප්‍රදේශවල අද සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් සහ ගිනි අවියක් ළග තබා ගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 29 ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවයි.
සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් වන අතර, ඔවුන් හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.