Gossips

ග්‍රාමශක්ති ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින්

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සහයෙන් නැගී සිටින අභිමානවත් පුරවැසියෙකු බිහි කිරිම අරමුණු කර ගනිමින් එම වැඩපිළිවෙළ වඩා පුළුල් සහ කාර්යක්ෂම කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනවාරි 23 වනදා සිට 30 වනදා දක්වා වන සතිය ග්‍රාමශක්ති සතිය ලෙස ප්‍රකාශයට පත් කරන අතර එම සතිය තුළ මෙම වැඩසටහන සමග ජනතා පෙළගැස්ම සහ ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින්.
අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකවන අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිවරයා නිරික්ෂණ චාරිකාවක නිරත වුනා.