Gossips

මුකුත් නැද්ද කියල ඇහුවම ඇමැතිකමක් නොලැබුණු විජිත් විජයමුණි කියපු කතාව

මුකුත් නැද්ද කියල ඇහුවම ඇමැතිකමක් නොලැබුණු විජිත් විජයමුණි කියපු කතාව"
නව මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අමාත්‍යධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පැමිණ සිටියා.
එහිදී මාධ්‍යවේදීන් නව අමාත්‍යධුර බෙදී යාම පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා.
එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් ඇතුළු තිදෙනා ආණ්ඩු පක්ෂයට එක්වූයේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොවන බවයි.
කෙසේ වෙතත් පක්ෂයේ තීරණයට පිටින් යමින් ආණ්ඩුවට එක්වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධුර ලබානොදෙන බවට මීට පෙර ජනපතිවරයා විසින් ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.