Gossips

බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ටෝලර් යාත්‍රාවේ හිමිකරු සහ හෙරොයින් හමුවූ කුඩා යාත්‍රාවේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.