Gossips

යාපනයේ පොලීසි කිහිපයක නිවාඩු සීමා කෙරේ

යාපනය පොලිස් කොට්ඨාශය තුළ පවතින අපරාධ මර්දනය කිරීම සඳහා එම කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ගේ නිවාඩු සීමා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස අදාළ පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ නිවාඩු සීමා කර ඇති බවයි.
යාපනය පොලිස් කොට්ඨාශය තුල පසුගිය දින කිහිපය තුළ සිදුවූ පහරදීම් සහ වෙනත් ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා වැඩිපුර පොලිස් නිලධාරීන් යෙදවීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ අතර මුලතිව් පළාතේ ප්‍රදේශ තුනක වළදමා තිිබු පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසි එක්ව පසුගිය සතිය පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලට අනුවයි මේවා සොයාගෙන ඇත්තේ.
පුදුකුඩුඉරිප්පු, විශ්වමඩු සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශ වල මෙලෙස වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගැනීිම සදහා පොලිසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් අතර, ඉන් අනතුරුවයි ඊයේ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩගනු ලැබුවේ.
එහි තිබු පීව උණ්ඩ විශාල ප්‍රමාණයක් නිශ්ක්‍රීය කිරිමටද පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කරනු ලැබුවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය එල්.ටී.ටී.ඊ සංවිධානය අවසන් යුද සමයේ වලදමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
එමෙන්ම ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් එම නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.