Gossips

සිරියාවෙන් හමුදා ඉවත් කරගැනීමට ඇමරිකාව සැරසේ

සිරියාවේ මෙහෙයුම්වල නිරත තම සෙබළුන් එරටින් ඉවත් කරගැනීමට ඇමරිකාව සූදානම් වනවා.
ඊට අදාළ නියෝගය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආරක්ෂක බලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිරියාවේ ක්‍රියාත්මකවූ අයි.එස්. ත්‍රස්තවාදීන් මේ වනවිට සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවත්, ඒ හේතුවෙන් තවදුරටත් තම හමුදාව සිරියාවේ රැඳී සිටීමට අවශ්‍ය නොවන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.