Gossips

වැලිමඩදී බස් රියදුරු ඝාතනයට ලංගමයේ 4 ක් අත්අඩංගුවට

වැලිමඩ බස් නැවතුම්පල අසළදී ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථ කාලසටහන් සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ් වැලිමඩ – ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පෞද්ගලික බස් රථ රියදුරෙක්.
වැලිමඩ – බොරලන්ද මාර්ගයේ ධාවනය වන කැප්පෙටිපොල ඩිපෝවට අයත් බස් රථයක සේවකයින් සහ එම මාර්ගයේම ධාවනය කරන පෞද්ගලික බස් රථයක හිමිකරු අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංගම බස් රථ සේවකයින් වනවා.
මේ වනවිට ඉන් දෙදෙනෙකු පොලිස් ආරක්ෂාව යටතේ මීරගහවත්ත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔවුන් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.