Gossips

2017 ඇඟලූම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 ඉක්මවයි

පසුගිය 2017 වසරේ මෙරට ඇඟලූම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බව මහබැංකුව පවසනවා.
යුරෝපා සංගමය වෙත ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යටතේ ඇඟලූම් අපනයනය යලි ආරම්භ වීමත් සමඟ පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම අපනයනයන් සියයට 19 කින් වර්ධනය වී ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.
2017 වසරේදී යුරෝපා සංගමය වෙත මෙරට ඇඟලූම් අපනයනය සියයට 27 යි දශම 2 කින් වර්ධනය වී ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් සාම්ප්‍රදායික නොවන වෙළඳපොල වෙත අපනයනය සියයට 18 කින් ඉහළ ගොස් තිබෙනවා.