Gossips

නව පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලූ පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ ලබන 30 සහ 31 යන දිනවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා පාසල් සිසුන්, දෙමව්පියන්, විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයද එක්වීමට නියමිතයි.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් දැනටමත් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.