Gossips

සිංහරාජයට යලි තර්ජන

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුම හරහා නීති විරෝධී ලෙස මාර්ගයක් සකස් කිරීම නිසා රක්ෂිතයට හානි සිදුව ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙම මාර්ගය සකස් කරමින් සිටින බවත් මේ නිසා රක්ෂිතයේ ශාක සහ කුරුළු විශේෂවලට හානි සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.
මීට පෙරද රක්ෂිතයේ දෙනියාය ප්‍රදේශයෙන් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ කර තිබූ අතර එයද අතරමඟ නතර කෙරුණේ පරිසරවේදීන්ගේ විරෝධතා හේතුවෙන්.