Gossips

ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යලි රිමාන්ඩ්

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන වසරේ ජනවාරි මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීමේ සිද්ධියට ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් මස 13 වන දායි.