Gossips

බෙල්ජියම් අගමැති ධුරයෙන් ඉවත් වේ

බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මයිකල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කිරීමට නියමිත සංක්‍රමණික ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් රට තුළ විරෝධතා මතුවීම හේතුවෙන් ඔහු මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සංක්‍රමණික ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරයාගේ සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් ද පසුගියදා ඉන් ඉවත් වුණා.