Gossips

නාමල් කුමාරගේ දුරකථනයේ මැකූ දත්ත හමුවෙයි. – හිටපු ඩී.අයි.ජී නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මීට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන වසරේ ජනවාරි මස 02 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
එමෙන්ම, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ද එදින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ මොහුට විරුද්ධව ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් එවැනි අයෙකුට මෙම අධිකරණයෙන් ඇප ලබාදීමේ බලයක් නොමැති බවයි.
පසුගිය නඩු වාරයට සහභාගි නොවූ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව අද දිනයේ අධිකරණයට පැමිණ සිටි අතර, ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ.