Gossips

පොළොන්නරුවේ වැවක තිබී වන අලියෙකුගේ මළ සිරුරක් හමුවේ

පොළොන්නරුව – වෙහෙරගල ඇල්ලෙ වැවේ ගිලී වන අලියෙකු මියගොස් තිබෙනවා.
මහදමන රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 35 ක් පමණ වූ වනඅලියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ධීවර කටයුතුවල යෙදී සිටි පිරිසක් එම සිරුර දැක වෙහෙරගල වනජිවි කාර්යාලය දැනුවත් කර ඇති බව සදහන්.
වැවේ මැදකොටසේ මියගොස් සිටි මෙම අලියාගේ සිරුර ගොඩගැනීම සදහා ඊයේ පස්වරුවේ පැය 8 ක මෙහෙයුමක් සිදුකළ බවයි වෙහෙරගල වනජිවි කාර්යාලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.