Gossips

පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයට වැස්ස හරස් වෙයි

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.
වෙලින්ටන් ක්‍රීඩාංගනයට ඇදහැලෙන සුළු වර්ෂාපතනය හේතුවෙන් තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී, ලකුණු 287ක් ලබා ගෙන සිටියා.
කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පිලිවෙලින් ලකුණු 141 සහ ලකුණු 120ක් ලබා සිටිනවා.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලකුණු 578 ක් රැස් කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 9 ක් පිටුපසින් සිටිනවා.