Gossips

හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට (20) දිනයේ සිට දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත තරමක ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවයි එම දෙපාර්තමේන්තුව අද (19) උදෑසන නිකුත්කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ නමුත් නැගෙනහිර පළාතේ වෙරළ බඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩිදුරටත් පවසන්නේ.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද දැනුම් දෙනවා.