Gossips

ලෝකය දිනූ ආසියාවේ කළු සිංහයා මව්බිමට පැමිණෙයි (ඡායාරූප)

තායිලන්තයේ පැවති 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් කටුනායක ගුවන් තොටුපලෙන් ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 407 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු පැවසුවේ.
ලූෂන්ව පිළිගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
ලූෂන් මෙම තරඟාවලියට එක්වුණේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තිය නියෝජනය කරමින්.
මීට පෙරද අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට ලූෂන් පුෂ්පරාජ්ට හැකියාව ලැබුණා.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල