Gossips

කැලණියේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

පරණ නුවර මාර්ගයේ කැලණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා.
පෑලියගොඩ පොලිසිය සදහන් කළේ අද (18) උදෑසන 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
විදුලි කාන්දු වීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
කෙසේ නමුත් මෝටර් රථය ගිනි ගැනීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර,ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
පෑලියගොඩ පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.