Gossips

දේශපාලන ගැටුමකින් 4කට තුවාල

දේශපාලන කරුණු මුල්කර ගනිමින් ආනමඩුව, පල්ලම ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පහර කෑමට ලක්වූවන් පැවසුවේල ආනමඩුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් මෙම පහර දීමට සම්බන්ධ වූ බවයි.
පල්ලම නගර මධ්‍යයේදී ඊයේ දහවල් මෙම පහර දීම සිදුව ඇති අතර, එහිදී තුවාල ලබා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්
තිදෙනෙක්.
එම ගැටුම ආරක්ෂක කැමරාවක ද සටහන්ව තිබුණා.
එහිදී පහර කෑමට ලක්වූ පුද්ගලයෙකුගේ පල්ලම පිහිටි නිවසටද අද අළුයම කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.