Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඩ නොතබන බව යාපා කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටෙකත් ඉඩ ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අහිතකර වගන්ති වෙනස් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට සහය ලබාදීමට සූදානම් බවයි.