Gossips

රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නවගමුව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී ඊයේ (17) ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී ග්‍රෑම් 350ක් බරැති රන් ආභරණ තොගයක්, පාස්පෝට් 72ක්, බැංකු පොත් 50ක් සහ ඒ.ටී.එම්. කාඩ් පත් 50ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මහා පරිමාණෙන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 51ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම සැකකාරිය යම් ප්‍රදේශයකට ගොස් එම ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලී පදනම මත ලබාගෙන එහි පදිංචිවීම සිදු කරනු ලබනවා.
ඇය එම නිවැසියන්ට ප්‍රකාශ කරනු ලබන්නේ පවුල් ආරවුල් මත ආරක්ෂාව පතා මෙලෙස පදිංචියට පැමිණෙන බවයි.
එමෙන්ම ඇය ධනවත් කාන්තාවක් බවට හැඟෙන ආකාරයෙන් කටයුතු කරන අතර සමාජයේ වැදගත් පුද්ගලයන් හඳුනන බවට ද හැඟෙන ආකාරයෙන් කටයුතු කර ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.
එමෙන්ම තමන්ට කැනඩාවේ නොයෙක් සම්බන්ධතා තිබෙන අතර පදිංචිව සිටින නිවසේ නිවැසියන් මාර්ගයෙන් කැනඩාවේ රැකියා සඳහා යැවීමට පුද්ගලයන් සම්බන්ධ කර ගන්නා බවට අනාවරණ වී තිබෙනවා.
සැකකාරිය අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැඟවී සිටීම සඳහා හිස ද මුඩුකරගෙන සිට තිබුනා.
මේ අතර මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ සිදු කරනවා.
ඔහු තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කායවර්ධන උපදේශකවරයෙක් මෙන්ම චිත්‍රපට කිහිපයක සටන් නළුවෙක් ලෙසට ද කටයුතු කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මෙම සැකකාරිය සතුව තිබු බැංකු පොත් සහ විදේශ ගමන් බලපත්‍ර රැසක් ද සොයා ගැනුනා.
ඒවායෙහි හිමිකරුවන්ගේ නම් ලැයිස්තුවක් ද පොලිසිය ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුන් අතුරින් මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මෙන්ම වංචාවලට හසුවු තවත් පුද්ගලයන් සිටී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

සැකකාරිය සතුව තිබූ බැංකු පොත්වල හිමිකරුවන් නම් ලැයිස්තුව

විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ගේ නම් ලැයිස්තුව