Gossips

දියතලාවේ බස් රථයේ පිපිරීම ගැන සොයන්න 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හමුදාපතිවරයා 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් දැනට රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අද සිදුකිරීමට නියමිතයි.
දැනට පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම හමුදා සාමාජිකයින් දෙදෙනාගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූයේ ඔවුන් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටීම හේතුවෙනුයි.
ඉන් එක් හමුදා සාමාජිකයෙකු අදාළ අත්බෝම්බය ගෙනවිත් ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
බස් රථයෙහි ගමන් කළ හමුදා සාමාජිකයෙකු සතුව තිබූ ජීව අත්බෝම්බය පුපුරා යාම මෙම පිපිරීමට හේතුවී ඇති බවයි රජයේ රස පරීක්ෂකවරයා ද සිදුකළ විමර්ශනයේදී අනාවරණ වුණේ.