Gossips

සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් වලට 30,000 ක්

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම්වල පළමු අදියර ලබන 23 වනදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන වසරේ ජනවාරි පළවනදා දක්වා මෙම ඇගයීම් කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
පාසල් 84 ක් තෝරා ගනිමින් පරීක්ෂකවරුන් 30,000 කගේ සහභාගිත්වයෙන් ඇගයීම් කටයුතු සිදුවනු ඇති.