Gossips

අලව්ව සහ පොල්ගහවෙල අතර දී දුම්රියක කාර්මික දෝෂයක්

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර, කඩිනමින් කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය ඉවත් කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
ඒ අනුව වෙනත් එන්ජිමක ආධාරයෙන් අදාළ දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට මේ වන විට කටයුතු කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.