Gossips

නිවසකින් යුද හමුදා නිල ඇඳුම් සහ ව්‍යාජ අංක තහඩු මතුවෙයි

නිවසක තිබී යුද හමුදා නිල ඇඳුම් සහ ව්‍යාජ අංක තහඩු හමුවේ
එප්පාවල – කටියාව යාය – 01 ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාජ අංක තහඩු යෙදවූ යතුරුපැදියක් සමඟ යුද හමුදා නිල ඇඳුම් කට්ටල 20 ක් සහ ආරක්ෂක හිස්වැසුම් තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම නිල ඇදුම් කට්ටල සහ හිස් වැසුම් සොයා ගත් බවයි.
පරීක්ෂා කරන අවස්ථාවේදී නිවැසියන් ප්‍රකාශ කර තිබුණේ මෙම යුද හමුදා ඇදුම් සහ හිස් වැසුම් නිවසේ රැදී සිටි යුද හමුදා සෙබලෙකුගේ බවයි.
කෙසේ වෙතත්, අදාළ සෙබලා රත්නපුර ප්‍රදේශයේ හමුදා කදවුරක සේවය කරන අයෙකු වන අතර, ඔහු එම නිවසේ පදිංචිකරුවෙකු බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
පසුගිය දිනවල රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ කොල්ලකෑම් පිළිබද සිදුකළ පරීක්ෂණ වලදී ලද තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
සැකකාර හමුදා සෙබලා යුද හමුදා පොලීසිය දැනුවත් කර අත්අඩංගුවට ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි එප්පාවල පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.