Gossips

මිණිපේ වම් ඇළ ව්‍යාපෘතියෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් (ඡායාරූප)

මිණිපේ ගොවි ප්‍රජාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සඳහා ව්‍යාපෘතියේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එහි ප්‍රථම පියවර ලෙස මිණිපේ කලාපයේ නිමි ඇඳුම් නිෂ්පාදනය කරන ගොවි පවුල්හි කාන්තාවන් සඳහා රෙදි මසන යන්ත්‍රයක් ලබා දීම පසුගියදා සිදුකෙරුණා.
එම අවස්ථාවට මිණිපේ ප්‍රාදේශීය ලේකම් මාරඹගේ මහත්මිය, එහිම සහකාර අධ්‍යක්ෂ සැළසුම් පාලිත මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.ඩී.මැදිවක මහතා, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එම්.ජේ.එම්.කලීල් මහතා, ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ට සන්නිවේදන නිලධාරි එරංග මහතා, සමස්ථ ලංකා ඒකාබද්ධ ගොවි සංගමයේ ගරු සභාපති සුනිල් ගමගේ මහතා සහ මැහුම් පාටමාලා ආචාරිනී මංජුලා මහත්මිය සහ ග්‍රාම නිලධාරි සහ සංවර්ධන නිලධාරීන් ඇතුළු ප්‍රතිලාභී ගොවි පවුල් එක්ව සිටියා.
අදාළ ප්‍රතිලාභී පවුල් වල ඇඳුම් නිෂ්පාදන අළෙවි කිරීම සහ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලි අධීක්ෂණය සඳහා අදාළ වසම්හි ග්‍රාම නිලධාරිවරු සහ සංවර්ධන නිලධාරිවරු හට පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තවත් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් රැසක් මිණිපේ ගොවි ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.