Gossips

මහනුවර ප්‍රදේශ කිහිපයක පැය 10ක ජල කප්පාදුවක්

මහනුවර – කුණ්ඩසාල, අරත්තන ජල පවිත්‍රාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව හෙට (19) උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ දිගන නගරය, වික්ටෝරියා පාර, ගෝනවල පාර, මල්පාන පාර, මැණික්හින්න, මහවත්ත සහ බෝධිගල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ඇති බවයි.
එමෙන්ම අමුණුගම, ගුන්නෑපාන, පන්විල සහ අහස් පොකුණ යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.