Gossips

පනස්පන් ලක්ෂයක රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට

රුපියල් පනස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් කැබලි 10 ක් සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 48 සහ 52 වයස් සීමාවන්හි පසුවන මොවුන් ඉන්දීය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් ඉන්දියාව බලා යාමට පැමිණ ඇති අතර, ඔවුන් පිළිබද සැක මතුවීම හේතුවෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව සදහන්.
ඔවුන්ගේ ගමන් මල්ලක සගවා තිබූ රන් කැබලි සොයා ගෙන ඇත්තේ එක්ස් කිරණ පරීක්ෂාවේදීයි.
එහිදී රේගු භාරයට ගැණුනු රන් කැබලි ග්‍රෑම් 916 කට වැඩි බරකින් යුක්ත වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.