Gossips

අවිධිමත් ලෙස රථ වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය

උත්සව සමයේ මහා මාර්ග හා පදික වේදිකා අවහිර වන අන්දමට නවතා ඇති රථ වාහන ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
බොහෝ නගරවල රථ වාහන අවිධිමත් ලෙස නතර කිරීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හට ගන්නා බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව මෝටර් රථ වාහන පනතට අනුව එලෙස රථ වාහන අවිධිමත් ලෙස නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එසේම පවතින නීතියට අනුකූලව එම වාහන ඉවත් කිරීමේ පිරිවැය වාහනයේ හිමිකරුගෙන් අය කර ගත හැකි බව ද අදාළ නිවේදනයේ දැක්වුණා.