Gossips

දාපනේ, හඳුන් දිවි මෙහෙයුම

කොළොන්න, දාපනේ ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කැලයට මුදා හැරීමේ පුවතක් වාර්තා වනවා.
අඩි 15ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටි මෙම හදුන් දිවියා ප්‍රදේශවාසීන් විසින් ඊයේ (17) දැක ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් උඩවලව වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති අතර සත්වයාගේ ජීවිතය සම්බධයෙන් පැවති අවදානම් තත්වය මත වනජීවී නිලධාරීන් පැමිණ සත්වයා බේරාගැනීමට පෙර ප්‍රදේශවාසීන් එක්ව කූඩයක් ආධාරයෙන් සත්වයා ළිඳෙන් ගොඩගෙන තිබෙනවා.
ළිඳෙන් ගොඩගත් හදුන් දිවියා යළි වනයට මුදා හැරීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.