Gossips

දුගී භාවයට වගකිවයුත්තේ දූෂිත දේශපාලනඥයින් – ජනපති

ජනතාවගේ දුගීභාවයට දූෂිත දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මන්නාරමේ ඊයේ පැවති ජාතික නත්තල් උත්සවය අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා ඉන්දීය ආධාර යටතේ ලබාදුන් නිවාස ව්‍යාපෘතියක්ද අහිමිව ගියේ දූෂිත දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය නිසා බවයි.