Gossips

කැබිනට්ටුව 28 ක් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර 28 දෙනෙකුට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කොළඹ අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ මහමැතිවරණයක් පැවත්වීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට තුනෙන් දෙකක බහුතරය පෙන්වීම සදහා සහාය ලබාදීමට සුදානම් බවයි.