Gossips

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද දමමින් නවසීලන්ත පළමු ඉනිම නිමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන් හි පැවැත්වෙන පළමු තරඟයේ නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 578ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 282ට පිළිතුරු වශයෙන්.
එහිදී නවසීලන්ත වෙනුවෙන් ටොම් ලේතම් නොදැවී ලකුණු 264ක් රැස්කිරීමට සමත් වුණා.
නායක කෙන් විලියම්සන් ලකුණු 91ක් රැස්කළ අතර රෝස ටේලර් සහ හෙන්රි නිකොල්ස් අර්ධ ශතක රැස්කරමින් නවසීලන්ත පළමු ඉනිම ගොඩනැගුවා.
ඒ අනුව නවසීලන්තය සිය පළමු ඉනිම අවසන් කළේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 296ක් ඉදිරියෙන් සිටිමින්.
පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 04ල බිඳ දැමු අතර ධනංජය ද සිල්වා කඩුලු 02ක් බිඳ දැමුවා.
ශ්‍රී ලංකා පිල මේ වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.
තරඟයේ තුන්වන දිනය අදයි.