Gossips

යේමන සටන් විරාමය අනිද්දා සිට

යේමනයේ රජයේ හමුදා සහ හවුති කැරළිකරුවන් අතර සටන් විරාමය අනිද්දා සිට ආරම්භ වන බව හවුති නායකත්වය අද ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් යේමනයේ ගැටුම් පාර්ශවයන් අතර සටන් විරාමයකට පසුගිය බ්‍රහස්පතින්දා ස්වීඩනයේ අත්සන් තැබුණා.
එහෙත් ඉන් අනතුරුව ද යේමන හමුදා සෞදි සන්ධානයේ සහය ඇතිව හවුති කැරළිකරුවන් සතු හොදෙයිදා වරාය ඇතුළු ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ නමුත්, එම සටන් විරාමය දෙසැම්බර් 18 වන දා එනම්, අනිද්දා සිට ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී ඇතැයි හවුති කැරළිකරුවන්ගේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.