Gossips

අගමැති රනිල් සිය ප්‍රමුඛ කාර්යය හෙළිකරයි

තමාගේ ප්‍රමුඛ කාර්යය වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කොට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
එමඟින් රටේ ජනතාව ආර්ථික හා සාමාජීය වශයෙන් නැංවීම සඳහා කටයුතු කරන බවයි අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.