Gossips

බෝපත්තලාව රක්ෂිතයේ එල්ලෙන හිස් කබල (ඡායාරූප)

ආගරපතන පොලිස් වසමට අයත්, බෝපත්තලාව රක්ෂිතයේ තිබී මිනිස් හිස් කබලක් හා ඇටකටු ඉකුත් 20 වැනිදා සොයාගෙන තිබෙනවා.
මෙම හිස් කබල සොයා ගන්නා අවස්ථාවේ ලණුවකින් එල්ලී තිබී ඇති අතර ඒ අසල තිබී එම සිරුරේ බවට සැක කළ හැකි ඇට කටු කීපයක් හා ඇඳුම් හා කුඩයක්ද පොලිසිය මගින් සොයාගනු ලැබුවා.
බෝපත්තලාව ප්‍රදේශයේ පදිංචිව සිට 2017 වසරේ ජූලි මස අතුරුදන්ව සිටි අසූ හැවිරිදි ආර්.එම්.රම්බණ්ඩා නැමති විවාහක පුද්ගලයෙකුගේ සිරුරේ කොටස් බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් සැකකරන බව මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන ආගරපතන පොලිසිය සඳහන් කළා.
බෝපත්තලාව ප්‍රදේශයේ දර කැඩීමට ගිය අයෙක් මෙම හිස් කබල දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.