නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පේතායි සුළි කුණාටුව හෙට දිනයේදී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වූ පේතායි සුළි කුණාටුවේ අතුරු බලපෑම මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.