Gossips

බොර තෙල් මිල පහළට

ලොව පුරා කොටස් වෙළඳපොලවල දුර්වල ක්‍රියාකාරීත්වය සහ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානම මැද ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබුණා.
එහිදී ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 2.7කින්ද, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 2.3 කින්ද පහත වැටී තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 51 යි ශත 20 ක් ලෙස සටහන් වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 60 යි ශත 28 ක් ලෙසයි.
පසුගිය කාලය තුළ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමඟ නිෂ්පාදන කප්පාදුවකට ඔපෙක් සංවිධානය සහ රුසියාව එකඟ වුණා. කෙසේ නමුත් එහි ප්‍රතිඵල දක්නට ලැබෙනු ඇත්තේ ලබන වසරේ දෙවන කාර්තුවේදියි.