Gossips

දෙවන දිනය අවසානයේ නවසීලන්තය ඉදිරියෙන්

නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා ලකුණු 282 කට දැවී ගියා.
පළමු ඉනිමේ පන්දුවට පහරදෙන නවසීලන්ත පිල අද දිනය නිමාවේදී කඩුලු 02ක් දැවී ලකුණු 311ක් ලබාසිටියා.
ටොම් ලේතම් නොදැවී ලකුණු 121 ක් රැස් කළ අතර, නායක කේන් විලියම්සන් ලකුණු 91 කට දැවී ගියා.
රොස් ටේලර් නොදැවී ලකුණු 50 යි.
නවසීලන්ත පිල මේ වනවිට මුල් ඉනිමේ කඩුලු 08 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 29 ක් ඉදිරියෙන් සිටිනවා.